ස්පාඤ්ඤ - මොරොක්කෝ දේශසීමාවේ පිහි ප්‍රහාරයක්


ස්පාඤ්ඤ - මොරොක්කෝ දේශසීමාවේදී මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදී තිබේ.

අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දී ඇති මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා රෝහල්ගත කළ බවත්, ප්‍රහාරකයා ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤ ආරක්ෂක අංශ සමත්වූ බවත් විදෙස් වාර්තා පවසයි.

මොරොක්කෝවේ බෙනී එන්සර් නගරයට ආසන්න දේශසීමාවේ, ස්පාඤ්ඤ පාලනයේ පවතින මෙලීලා නගරයේදී මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇති අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ ජාතිකත්වය පිළිබඳ සඳහනක් නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles