ස්පාඤ්ඤ ප්‍රසංගයක් අතුරතුර ගින්නක් - 22000ක් ඉවත් කරයි


ස්පාඤ්ඤයේ සංගීත ප්‍රසංගයක් අතරතුර එහි ප්‍රධාන වේදිකාවේ ඇති වූ මහා ගින්නක් හේතුවෙන් 22,000ක පමණ ජනතාවක් වහාම ඉවත්කිරීමට සංවිධායකයෝ කටයුතු කර තිබුණි.

බාසිලෝනා නගරයට ආසන්න, ටුමෝරෝලෑන්ඩ් හි ඉදිකර තිබූ දැවැන්ත වේදිකාවේ වම්පස කොටස ගිනි ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සමාජජාල මාධ්‍ය වෙත යොමුව තිබුණි.

කෙසේ වෙතත්, මෙයින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී, තරග සංවිධායකයන් විසින් සිය වෙබ් අඩවිය මගින් පවසා ඇත්තේ ප්‍රසංග වේදිකාවේ පැවති කාර්මික දෝෂයක් ගින්නට හේතු වී ඇති බවයි.

නමුත්, ඒ පිළිබඳ වැඩිදුර තොරුතුරු ඔවුන් ලබාදී නොතිබුණි.

 



Recommended Articles