ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් ජීවිත හානි හා තුවාල රැසක්


වයඹදිග ස්පාඤ්ඤයේ ඔ පොරිනෝ නගරයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

ගලීසියා පළාතේදී මෙම දුම්රිය පීලිපනින අවස්ථාවේදී එහි මගීන් 60කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවත්, ඔ පොරිනෝ නගරයේ පාලමක ගැටීමෙන් මෙම දුම්රිය පීලිපැනීමේ අනතුර සිදුව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරින් දුම්රියේ එන්ජින් මැදිරිය සම්පූර්ණයෙන්ම පීලිපැනීමට ලක්ව ඇති අතර, ඊට බරපතල හානි වීම නිසා දුම්රිය රියදුරාද ජීවිතක්ෂයට පත්වූවන් අතර වෙයි.

ස්පාඤ්ඤ ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර වාර්තා වී තිබුණේ වර්ෂ 2013 ජූලි මාසයේදීය. ඒ අධික වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක් පීලී පැනීමෙන් මගීන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 170කට අධික පිරිසක් තුවාල ලබමිනි.



Recommended Articles