ස්පාඤ්ඤයේ ධනවත්ම ආදිපාදවරිය කළුරිය කරයි


ස්පාඤ්ඤයේ ධනවත්ම කාන්තාවක් ලෙස සැලකෙන ඇල්බා ආදිපාදවරිය අවුරුදු 88ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ලොව පුරා මහත් කතාබහට ලක්වූ ආදිපාදවරියක් ලෙස සැලකෙන මාරියා ඩෙල් රොසාරියෝ සෙයිටානා ෆිට්ස්-ජේම්ස් නම් වූ ඇය සෙසු ධනවත් කාන්තාවන්ට වඩා මාලිගා, දැවැන්ත වත්කම්, මිලකළ නොහැකි සිතුවම්වලට හිමිකම් කියන්නියක ලෙස සැලකෙයි.

පසුගිය 2011 වසරේදී තමන්ට වඩා වසර 25ක් ළාබාල අල්ෆොන්සෝ ඩයෙස් සමග විවාහ ගිවිසගත් ඇය තමාගේ රූපය සැරසීමට කළ හැකි සෑම දෙයක්ම සිදුකළ තැනැත්තියක බවද කියැවෙයි.

කෙසේ වෙතත්, තම නිවසේදී අසනීප වූ ඇය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.

 



Recommended Articles