ස්පාඤ්ඤයේ ගොන් වැඩ නිසා ජීවිත හානි


ස්පාඤ්ඤයේ ගොන්පොර ක්‍රීඩාවට ගොස් ගෙවීගිය සතිය තුළ පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජූලි මාසය ආරම්භයේදී ගොන්පොර ක්‍රීඩාවට ස්පාඤ්ඤය තුළ විශාල උනන්දුවක් පවතී.

ගොනෙකු කුලප්පු කරමින් ඒ හරහා විනෝදයක් ලබන ස්පාඤ්ඤයේ මෙම ක්‍රීඩාව කෙරෙහි විරෝධයක්ද මතුව පැමිණියේ මෙය සතුන් ක්‍රෑර වදහිංසනයට පැමිණවීමක් බවට චෝදනා කරමිනි.

කෙසේ වෙතත්, ඉතා කෙටි කාලයක් තුළ ගොන්පොර හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හරහා හෝ මෙම ක්‍රීඩාව අධෛර්යයට පත්වන්නේ නම්, එය අසරණ ගොනුන්ටද අභයදානයක් වනු ඇති බව පැවසෙයි.



Recommended Articles