ස්පාඤ්ඤයේ කිසිදු ස්වං පාලනයකට ඉඩක් නෑ- අගමැති


ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තය තුළ ඇති කිරීමට යන ස්වයංපාලනයක් කිසිම ආකාරයකට ක්‍රියාවට නැංවීමක් සිදු නොවන බව ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි අවධාරණය කරයි.

එල් පායිස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා පවසන්නේ මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ස්පාඤ්ඤයට කිසිදු මැදිහත්කරුවෙකුගේ අවශ්‍යතාවක්ද නොමැති බවයි.

ස්පාඤ්ඤය යළි එක්සත් විය යුතු බව බල කරමින් දහස් ගණන් ජනයාගෙන් සැදි රැළියක්ද සංවිධානය වී තිබුණි.

පසුගිය ඉරිදා දිනයේදී කැටලෝනියා ප්‍රාන්තයේ පැවති විවාදයට තුඩුදුන් ජනමත විචාරණයට විරෝධය පාමින් මෙම ජන රැළිය සංවිධානය වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම ජනමත විචාරණයෙන් 90%ක් ජනතාව කැටලෝනියා ප්‍රාන්තයට නිදහස හිමිවිය යුතු බව කියා සිටි අතර, එය මිලියන 2.3ක් වූ ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකි.

කෙසේ වෙතත්, මෙම මැතිවරණයට ස්පාඤ්ඤ රජයෙන් දැඩි බාධා කිරීමක් එල්ල වූ අතර, ජනතාව හා පොලීසිය අතර ගැටුමින් 900කට ආසන්න පිරිසක් තුවාල ලැබීය. 

1_Spanish2



Recommended Articles