ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් එරට රහස්‍ය තොරතුරු රැසක් හෙළි කළ එඩ්වඩ් ස්නොව්ඩන්ට හොංකොං හිදී රැකවරණය ලබාදුන් ශ්‍රී ලාංකිකයන්ට හා පිලිපීන ජාතිකයන්ට හොංකොං හි සරණාගතභාවය ලබාදීම ප්‍රතික්ෂේප වී ඇත.
ස්නොව්ඩන් දහස් ගණනක් රහස්‍ය දත්ත හෙළි කිරීමෙන් අනතුරුව ඇමෙරිකාව හැරදමා හොංකොං වෙත පැමිණි අවස්ථාවේදී සති දෙකක කාලයක් ඔහුට රැකවරණය ලබාදී තිබුණේ මෙම ශ්‍රී ලාංකිකයන් හා පිලිපීන ජාතිකයන් විසිනි.
මෙම පුද්ගලයන් ජීවත් වන රාජ්‍යයන් මේ වනවිට අනාරක්ෂිත රාජ්‍යයන් නොවන බවත්, ඒ නිසා ඔවුන්ට සරණාගතභාවයක් පිළිගැන්වීමට හේතුවක් නොමැති බවත් පවසමින් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බව මෙම පිරිස වෙනුවෙන් පෙනීසිටි නීතීඥයෝ පවසති.