ට්‍රම්ප්ගේ හිසකෙස් සැබෑ හිසකෙස් බවත්, ප්‍රේමාලිංගනයේදී ඔහු බීමත් කොණ්ඩා ගිරවෙකු වැනි බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විවාදයට තුඩුදී ඇති හිටපු අනියම් ප්‍රේමවන්තියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් පවසයි.
වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට නිළියක, අධ්‍යක්ෂකවරියක, නිරූපිකාවක මෙන්ම තිර රචකයෙකු ලෙසද සිය වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන ඩැනියෙල්ස් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති බොහෝ රහස් සබඳතා (ජනපති පදවියට ලැබීමට පෙර) පසුගිය කාලය පුරා හෙළි කරන්නට වූයේ මුදල් පොම්ප කර ඇගේ කට වැසීමට ට්‍රම්ප් නීතීඥයන් උත්සාහ කිරීමත් සමගිනි.
ඒ අනුව, ඇය මාර්තු මාසයේ Penthouse සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ට්‍රම්ප් සමග පැවති සමීප සමබඳතාවල තවත් අලුත් හෙළිදරව් කිරීම් සිදුකර තිබුනේ මෙසේය.
එවකට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනප්‍රිය තාරකාවන් එක්වූ ගොල්ෆ් තරගාවලියකදී තමාට හමුවූ විට, ලේක් ටාහෝ හෝටලයේදී තමා ඔහු සමග ප්‍රේමාලිංගනයක යෙදුණු බවත්, එහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වඩාත් ප්‍රකට කොණ්ඩය අවුල් ජාලයක් බවට පත්ව ඔහුගේ හිස වටා ගමන් කළ ආකාරයත් ඇය එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කරන්නට විය.
"ඇත්තන්ම ඔව්... ඒක සැබෑ කොණ්ඩයක්... හරියට බීමත් කොණ්ඩා ගිරවෙක් වගෙයි..."
එමෙන්ම, මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය රහස්‍ය අවයව සම්බන්ධයෙන් පවා අදාළ සඟරාව ඇගෙන් ප්‍රශ්න කළද, ඩැනියෙල්ස් ඊට පවසා තිබුණේ මෙවැනි අදහසකි.
"මට කාටවත් අපහාසයක් කරන්න අවශ්‍යතාවක් නෑ..."
පිටු හයක් පුරා දිවෙන මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇමෙරිකානු ධජයෙන් තම නිරුවත වසාගෙන සිටින ඩැනියෙල්ස්ගේ ඡායාරූප කිහිපයක් මෙන්ම, නීතියේ දෙවඟනගේ අසිපත සහ තරාදිය ඇය විසින් රන්වන් පැහැයෙන් යුතු කෙටි ඇඳුමකින් සැරසී දරා සිටින ඡායාරූපයක්ද සමග Penthouse සඟරාවට එක්ව ඇත.