ස්ටීව් බැනන් බ්‍රොයිට්බාට් පුවත් සමාගමට සමුදෙයි


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ මූලෝපාය නිලධාරී ස්ටීව් බැනන් දක්ෂිණාංශික බ්‍රෙයිට්බාට් පුවත් සමාගමෙන් ඉවත්ව තිබේ.

මෑතකදි එළිදැක්වූ 'ද ෆයර් ඇන්ඩ් ෆියුරි' කෘතියෙන් ස්ටීව් බැනන් විසින් ඇමෙරිකානු ජනපති පුත්, කණිෂ්ඨ ට්‍රම්ප් සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් සමග මෙම තීරණය ප්‍රකට වීමද විශේෂත්වයකි.

2016 ජනපතිවරණ සමයේදී ජනපති පුත්‍රයා රුසියානු නීතීඥයෙකු සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජද්‍රෝහී ක්‍රියාවක් සිදුකර ඇති බව එම කෘතියෙන් කියවුණු බව පැවසුණත්, පසුව බැනන් පවසා තිබුණේ එම ප්‍රකාශය ජනපති පුත්‍රයා ගැන නොව, ජනපතිගේ විවාදයට තුඩුව ඇති සහායකයෙකු සම්බන්ධයෙන් බවයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ බල තුලනය සම්බන්ධයෙන් මතු වූ ගැටලු සමග බැනන් පසුගිය වසරේදී සිය ධුරයෙන් ඉවත් විය. 

1_Banon



Recommended Articles