ස්කොට්ලන්ත ජනමත විචාරණය උණුසුම් වෙයි


ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සඳහා පැවැත්වෙන ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු සිදුවන අවසන් සතිය ආරම්භ වීමේදී දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත වී ඇති බව වාර්තා වෙයි.

Yes හා No ව්‍යාපාරයක් ලෙස මෙම ජනමත විචාරණය පැවැත්වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් සිදුකරන නවතම සමීක්ෂණ වාර්තාවන්ට ස්කොට්ලන්ත ජාතිකයන්ගෙන් 51% ක් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ කොටසක් ලෙස පැවතීම අනුමත කරන බව පැවසෙයි. ඒ අතර, තවත් 49% ක් බි‍්‍රතාන්‍යයෙන් වෙන්වීමට අදහස් කරමින් සිටියි.

නමුත්, තවමත් බහුතර ජනතා මතය මෙම සමීක්ෂණයන්ගෙන් හෙළි නොවන බව වාර්තා වෙයි.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා පැවති YouGov ව්‍යාපාරයේදී සඳහන් වූයේ 52% ක ප්‍රතිශතයක් ස්කොට්ලන්තයෙන් වෙන් නොවිය යුතු බව පැවසූ අතර, 48% ක් වෙන්විය යුතු බව පවසා තිබුණි.

 



Recommended Articles