ස්කොට්ලන්ත ඡන්දදායකයන්ටත් ඡන්ද අල්ලස්


ස්කොට්ලන්තය වෙත තවත් බලය ලබාදිය යුතු බව වෙස්ට්මිනිස්ටර් ප්‍රධාන පක්ෂ තුනේම නායකයන් එකහෙලාම ප්‍රකාශ  කිරීමත් සමග ස්කොට්ලන්ත ජනමත විචාරණයේ පක්ෂ දෙකම යම් අකර්මණ්‍යවීමක් පෙන්වන බව විදෙස් පුවත් සේවා පවසයි.

ඩේවිඩ් කැමරන්, එඩ් මිලිබෑන්ඩ් සහ නික් ක්ලෙග් එකහෙලාම අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයට සමානව ස්කොට්ලන්තය වෙතත් සම්පත් සමානව බෙදී යා යුතු බවයි.

ඒ අනුව, මෙම ජනමත විචාරණයේ Yes ව්‍යාපාරය හෙවත් එක්සත් රාජධානියෙන් ස්කොට්ලන්තය බෙදී වෙන්විය යුතු බව ප්‍රකාශ කරන කණ්ඩායම කියන්නේ මෙය ඡන්දදායකයන් වෙත කරන නිගාවක් බවයි. එවැනි තීරණයකට පැමිණීමට මෙතරම් කාලයක් ගත්තේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කරයි.



Recommended Articles