සහායිකාවක දූෂණය කිරීමෙන් ඉන්දීය කතුවරයා අධිකරණයේ


සිය සහායිකාවක දූෂණය කළේ යැයි ඉන්දියාවේ ප්‍රකට ටැබ්ලොයිඩ් පුවත්පතක හිටපු කතුවරයෙකුට චෝදනා ගොනුවී ඇති බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.

ලිංගික හිරිහැර කිරීම් හා කාන්තාවකගේ හරිඔතප් බිඳීම් යන චෝදනා හිටපු කතුවරයා වෙත එල්ල වී ඇති චෝදනාවන්ය.

තරුන් තේජ්පාල් නමැති මොහු, 'තෙහෙල්කා' නමැති ටැබ්ලොයිඩ් පුවත්පතේ කතුවරයා ලෙස සේවය කර ඇති අතර, ඔහු පසුගිය නොවැම්බර් 30 වැනිදා සිට අත්අඩංගුවේ පසුවෙයි. නමුත්, තේජ්පාල් තමන්ට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ ගෝආ හිදී සඟරාව විසින් සංවිධාය කළ වැඩසටහනකදී කතුවරයා තමන්ට බලහත්කාරකමක් සිදුකළ බවට නම සඳහන් නොකළ පැමිණිලිකාරිය කියා තිබුණි.

නීති විශාරදයන් පෙන්වා දෙන්නේ තේජ්පාල් මේ චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර හතක සිරදඬුවමක් හිමිවන බවය.  



Recommended Articles