සල්මන්ගේ රිදී තිරයේ මව දිවිගමනේ රංගනය නිමා කරයි


බොලිවුඩ් පුරවරයේ ජනප්‍රිය හින්දි චිත්‍රපට රැසක මවගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් රීමා ලාගු පසුගිය 17 දා සිය දිවි ගමනට සමු දුන්නාය.

බොලිවුඩ් රසිකයන් සිය ආදරණීය අම්මාගේ සමුගැනීමෙන් දැඩි ශෝකයකට පත්ව ඇති අතර, ඔවුන් සමාජ මාධ්‍ය ජාල හරහා තවමත් ඒ ශෝකය බෙදා ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

හදිසි හෘදයා බාධයක් හේතුවෙත් රීමා ලාගු සිය දිවියට සමුදෙන විට 59 වැනි වියෙහි පසුවූ අතර, එරට චිත්‍රපට හා රූපවාහිනී මාලා නාටක රැසක ප්‍රධාන චරිත අතර ආදරණීය මවගේ චරිතය පණපෙවූ නිළියක ලෙස ඇය ප්‍රකටව සිටියාය.

හම් ආප්කේ හේන් කෝන්, මෙයිනේ ප්යාර් ක්යා, කුච් කුච් හෝතා හේ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක රඟ දක්වා තිබූ ඇය 70 දශකයේදී රිදී තිරයට පා තබා තිබුණි.

චිත්‍රපට රැසක සල්මන් ඛාන්ගේ මවගේ චරිතයට පණ පෙවූ නිසාම සල්මන්ගේ රිදී තිරයේ මව ලෙසද ඇය හැඳින්වුණු අතර, මීට වසර 28කට පෙර එනම් 31 වැනි වියේදී ඇය ප්‍රථම වරට සල්මන්ගේ මව ලෙස පෙනී සිටීමද විශේෂත්වයක් විය.



Recommended Articles