සරණාගත යාත්‍රාවක් යළි හරවා යවයි


මියන්මාරයේ සහ බංග්ලාදේශයේ සිට සරණාගතයන් රැගෙන එමින් පැමිණියේ යැයි විශ්වාස කෙරෙන යාත්‍රාවක් නැවත හරවා යැවීමට ඉන්දුනීසියාව කටයුතු කර තිබේ.

එම යාත්‍රාවට ආහාර හා ජලය සපයා එය නැවත හරවා යැවූ බව ඉන්දුනීසියා නාවික හමුදාව පවසයි.

මෙවැනි සරණාගත යාත්‍රා පිළිබඳව බොහෝ රාජ්‍යයයන් දැඩි විමසිල්ලෙන් සිටින අතර, මධ්‍යධරණී මුහුදු කලාපයේදී පසුගිය කාලයේදී සරණාගත යාත්‍රා අනතුරු හේතුවෙන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූහ. 



Recommended Articles