සිරියානු සරණාගතයන් 300ක් පමණ රැගෙන සයිප්‍රස් මුහුදේදී අනතුරකට අතවනමින් තිබූ බෝට්ටුවක් ආරක්ෂිතව සයිප්‍රස් වෙරළ වෙත රැගෙන එමට හැකිවූ බව සයිප්‍රස් බලධාරීහු පවසති.
ඔවුන් ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටියදී මෙසේ අනතුරක් වෙත මුහුණ පෑමට ගිය බව පැවසෙයි.
සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මෙම යාත්‍රාව තුළ දරුවන් 52 දෙනෙකු සිටි බවයි.
ඔවුන් නැවත සිරියාව වෙත යෑම ප්‍රතික්ෂේප කර ඇතත්, යාත්‍රාවේ සිටි බහුතරයක් දෙනා ඉන් බැසීමට කැමැත්තක් දක්වා නැති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් යාත්‍රාවෙන් පිටතට පැමිණි පිරසට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් වෛද්‍යවරු, හෙදියන් හා රතුකුරුස නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට යවා ඇති බවද පැවසෙයි.