සරණාගතයන් දොට්ට දාන්න ඉතාලිය සූදානම් - අර්බුදය ඔඩුදුවයි


ඉතාලිය වෙත පැමිණෙන ඉසිලිය නොහැකි සංක්‍රමණිකයන් පිළිබඳ පියවර ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය යන රටවල අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඉතාලිය තම රට වෙත සංක්‍රමණිකයන් පැමිණෙන සියලු තොටුපොළ වසා දැමීමට හා විවිධ සංවිධාන විසින් සංක්‍රමණිකයන් බේරාගැනීම සඳහා යොදා ඇති බෝට්ටු සේවා අවහිර කිරීමට සූදානම් වන අතරතුර මෙම සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයෙන් මධ්‍යධරණී මුහුද හරහා පැමිණෙන දැවැන්ත සංක්‍රමණිකයන් පිරිස මේ වනවිට දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, ඒ මහා ජන ගංගාව පාලනයට සහාය ලබාදිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

2014 වසරේ සිට මේ දක්වා ඉතාලි වරාය ආශ්‍රිතව ලක්ෂ 5කට අධික සරණාගතයන් පිරිසක් රට තුළට පිවිස තිබේ.

පසුගිය සතියේදී තවත් සංක්‍රමණිකන් 12,000ක් පැමිණීමත් සමග මේ වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ වැදගත්කම ඉතාලි රජය විසින් යුරෝපා සංගමයට ඉස්මතු කළේය.

එක්සත් ජාතීන්ගේ සරණාග ඒජන්සියේ මහ කොමසාරිස් ෆිලිප්පෝ ග්‍රැන්ඩි පවසා සිටියේ ඇස් පනාපිටම ඉතාලිය දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි. මෙය ඉතාලියට පමණක් හුදකලා වූ ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.



Recommended Articles