සරණාගතයන් 629ක් රැගත් යාත්‍රාවට ඉතාලි වරාය වැසෙයි


මධ්‍යධරණී මුහුදේ සරණාගතයන් 629 දෙනෙකු සමග කිසිදු පිළිසරණකින් තොරව රැඳී තිබූ ඇක්වේරියස් යාත්‍රාවක් තම වරායන් වෙත ඇතුළු නොකර ගැනීමට ඉතාලිය කටයුතු කර තිබේ.

ඉතාලියේ නව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙට්ටිඕ සැල්වීනී විසින් මෙම යාත්‍රාව ඉතාලිය වෙත රැගෙන ඒම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ යාත්‍රාවට සමීප මෝල්ටාව විසින් එය භාරගත යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙය ප්‍රතික්ෂේප කරන මෝල්ටාව පවසන්නේ ජර්මනියේ පුණ්‍යායතනයක් වන එස්.ඕ.එස්. මෙඩිටරානී විසින් මෙම සරණාගතයන් ලිබියාන් මුහුදේදී බේරාගෙන ඇති බැවින් ඔවුන්ගේ නීතිමය කටයුතු සඳහා වූ අධිකරණබලය ඉතාලිය දැරිය යුතු බවයි.

යුරෝපයට ඇතුළුවීම සඳහා පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් ලෙස ඉතාලිය සැලකෙන බැවින් බොහෝ සරණාගතයන් ඉතාලිය වෙත පැමිණීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා සංක්‍රමණිකයන් හේතුවෙන්ම බැටකා සිටින ඉතාලිය මේ වනවිට දැඩි තීරණ ගනිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

1_migrants 2



Recommended Articles