සරණාගතයන් සමග හමුවූ දෙවැනි නෞකාවත් ඉතාලියට


මධ්‍යධරණී මුහුදේ අත්හැර දමා තිබූ නෞකාවේ සිටි අනවසර සංක්‍රමණිකයන් 359 දෙනාගෙන් ඊට සම්බන්ධ ජවාරම්කරුවන් ඇ.ඩො.මිලියන 3ක මුදලක් උපයා තිබූ බව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉතාලි පොලීසිය පවසයි.

එසාඩීන් නමැති නෞකාව කොරිග්ලියානෝ කලාබ්රෝ වරාය වෙත පසුගිය සිකුරාදා රැගෙන එනු ලැබුවේ ඉතාලි වෙරළාරක්ෂකයන් විසිනි.

නෞකාවේ සිටි සරණාගතයන්ගෙන් වැඩි දෙනා සිරියානු වැසියන් වන අතර, පසුගිය සතිය තුළ හමුවූ දෙවැනි සරණාගත නෞකාව ලෙස මෙය සැලකෙයි.

මෙම නෞකා දෙකම තුර්කියෙන් ගමන් අරඹා තිබුණු අතර, එය සාමන්‍යයෙන් ජාවාරම්කරුවන් යොදා ගන්නා ලිබියානු මාර්ගයෙන් පිට ගමන් මාර්ගයක් ලෙසද පොලිසිය පවසයි.

 



Recommended Articles