තමන් උපන් භූමියෙන් පළවා හරින මිලියන ගණනක් වූ සරණාතයන් නොසලකා නොහරින ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් නත්තලේ සන්ධ්‍යා දේවමෙහෙය පවත්වමින් ලෝකය වෙත ආයාචනයක් සිදුකර තිබේ.
මෙම සරණාගතයන් මේරි සහ ජෝසෆ් ලෙස පෙන්වා දෙන පාප් තුමන්, බයිබලයේ එන කතාවක් ගෙනහැර දක්වමින් ඔවුන්ට නසරෙත් සිට බෙත්ලෙහෙම දක්වා නවාතැන් ගැනීමට කිසිදු තැනක් නොමැතිව ගමන් කිරීමට සිදුවූ ආකාරය විස්තර කර ඇත.
81 වැනි වියෙහි පසුවන ආර්ජන්ටිනාවෙන් බිහිවූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්ද ඉතාලි සරණාගත පවුලකින් පැවත එන මුණුපුරෙකු නිසා එතුමන්ට සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි හැඟීමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
වතිකානුවේ, ශාන්ත පීටර්ස්බර්ග් බැසිලිකා දේවස්ථානය වෙත පැමිණ සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් පාප් තුමන් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.