සයිබර් ප්‍රහාරයේ පැතිරීම අහඹු ලෙස වළක්වා ගනී


ලෝකයේ පරිගණක පද්ධති රැසකට බලපෑ සයිබර් ප්‍රහාරයේ පැතිරීම අහඹු ලෙස වළක්වා ගැනීමට පරිගණක පද්ධති ආරක්ෂක පර්යේෂකයෙකු සමත් වී තිබේ.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනික පරිගණක පද්ධති රැසකට බලපා තිබූ රැන්සම්වෙයාර් මාදිලියේ සයිබර් ප්‍රහාරය අහඹු ලෙස පැතිරීම වළක්වා ගැනීමට සමත්ව ඇත්තේ වයස අවුරුදු 22ක බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකි. ඔහුව හඳුන්වාදී ඇත්තේ MalwareTech ලෙසිනි.

මෙම රැන්සම්වෙයාර් එක පිළිබඳ සැලවුණු සැණින් ඒ පිළිබඳව නිදි වර්ජිතව ඔහු සිදුකළ පරීක්ෂණයකදී අහඹු ලෙස මෙහි පැතිරීම වළක්වා ගැනීමට ඔහුට හැකි වූ බව කියයි.

කෙසේ වෙතත්, ඔහුගේ මෙම නව සොයාගැනීම අදාළ රැන්සම්වෙයාර් මෘදුකාංගය මගින් පරිගණක පද්ධතිවලට දැනටමත් සිදුකර ඇති හානිය යථා තත්ත්වයට පත්කිරීමට සමර්ථ නොවූවත්, එමගින් තවදුරටත් නව පරිගණක වෙත එය පැතිරීම වැළැක්විය හැකි බව කියැවෙයි.

අහඹු වීරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම තරුණයා පවසන්නේ, තමන් මේ සඳහා නිදි වර්ජිත කාලයක් ගත කළ බවයි.



Recommended Articles