සයිබර් අපහාස නීතියට යටතේ ඇමෙරිකානුවෙන් අත්අඩංගුවේ


ඇමෙරිකාව තුළ සිටියදී සිය ෆේස්බුක් ගිණුම හරහා සිදුකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජාතිකයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.

හොලිකොප්ටර් කාර්මික ශිල්පියෙකු වන රයන් පේට් නමැති මොහු සිය ෆේස්බුක් ගිණුම හරහා ග්ලෝබලර් එරෝස්පේස් ලොජිස්ටික් සේවකයෙකු සමග ලෙඩ නිවාඩු සම්බන්ධයෙන් සිදුකළ වාදයක් මෙම අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වී තිබේ.

ෆ්ලොරීඩා සිට අබුඩාබි බලා පැමිණෙමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සයිබර් අපහාස නීතිය එරට තදින්ම ක්‍රියාත්මක වන නිසාය.

ඒ අනුව, එළැඹෙන මාර්තු 17 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් ඔහු වැරදිකරු වුවහොත් වසර පහක සිරදඬුවමක් සමග විශාල වන්දියක්ද ඔහුට ගෙවීමට සිදුවනු ඇත.  

 



Recommended Articles