සයිප්‍රස් මුහුදේ 300ක් සමග බෝට්ටුවක් අනතුරක් අභියස


සයිප්‍රසයේ බටහිර මුහුදු තීරයේ පිළිසරණක් නොමැතිව අසරණව සිටින අනවසර බෝට්ටු සංක්‍රමණිකයන් පිරිසක් බේරාගැනීම සඳහා එරට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පැවසෙයි.

මෙම බෝට්ටුවේ පුද්ගලයන් 300ක් පමණ සිටින බව වාර්තා වන අතර, එය සිරියාවේ සිට පැමිණි බෝට්ටුවක් යැයි සැලකෙයි. එමෙන්ම, මෙහි සිටින වැඩි පිරිසක් කාන්තාවන් හා දරුවන් බවටද තොරතුරු වාර්තා වී තිබේ.

මෙම බෝට්ටුව සයිප්‍රස් බටහිර වෙරළින් කිලෝමීට් 100ක් පමණ ඔබ්බෙන් පවතින බව සයිප්‍රස් ගුවන් හමුදාව විසින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව, මේ වනවිටත් ජීවිතාරක්ෂක බෝට්ටු හා නාවික හමුදාව මෙම ප්‍රදේශය වෙත ළඟා වී ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles