සමාජජාල සමාජය කෑලි කරන බව චමත් කියයි


සමාජජාල සහ ඒ හා සමාන සේවා සමාජය කැබලිවලට ඉරා දමන බවට ෆේස්බුක් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වූ චමත් පලිහපිටිය පවසා සිටියේ පසුගිය මස පැවති සම්මන්ත්‍රණයකදීය.

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති චමත් ස්ටෑන්ෆෝඩ් උසස් විද්‍යාලයකදී සිදුකළ මෙම ප්‍රකාශයට වැඩි ප්‍රතිචාරයක් හිමිවූයේ ඔහුගේ ප්‍රකාශයට ෆේස්බුක් සමාගම සමාගම ප්‍රතිචාර දැක්වීම නිසාය.

"අපි සමාජය කැබලිවලට ඉරා දමන මෙවලම් නිර්මාණය කරලා. අද ඔබව ආකෘතියකට හිරකෙරෙමින් පවතිනවා" ඔහු එහිදී අනතුරු ඇඟවීමක්ද සමග මෙම ප්‍රකාශය පවසා තිබුණි.

එහිදී, ෆේස්බුක් සමාගම බිලියන 2කට අධික ජනතාවක් සිය සමාගම වටා ආකර්ෂණය කිරීම අති විශාල වරදක් ලෙස හැඟෙන බවද ඔහු පවසා තිබුණි.

මේ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ දැඩි වේගය අවම කිරීමක් කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට අවවාදයක්ද කර තිබුණි.

චමත්ගේ අදහසට සමාන අදහසක් ෆේස්බුක් සමාගමේ පළමු සභාපති සහ එහි වාණිජ වර්ධනයේ මූලික ආකෘතිය සකස් කළ ෂෝන් පාකර්ද සිදුකර තිබූ අතර, ඔහු පවසා තිබුණේ ෆේස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කරන බවය.

මේ සමගම ෆේස්බුක් සමාගම මෙම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් චමත්, වසර හයකට වඩා වැඩි කාලයක් තම සමාගමේ නොසිටි බව පවසමින් සමාගම ආරක්ෂා කරගැනීමේ පියවරක් ගෙන තිබේ.

ඔවුන් මේ වනවිට සිය භූමිකාව වඩා බරපතළ ලෙස සැලකිල්ලට භාජනය කර ඇති බවත්, එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් ප්‍රකාශකයා පවසා තිබුණි.

කෙසේ වෙතත්, එකල ෆේස්බුක් සමාගමේ පරිශීලක වර්ධන අංශයේ උප සභාපති වූ චමත් පළිහපිටිය මේ වනවිට සෝෂල් කැපිටල් සමාගමේ නිර්මාතෘවරයාය. ඔහු සිලිකන් වැලි ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමකට ලක්වූවෙකු බවද සඳහන් කළ යුතුය.

2



Recommended Articles