ෆේස්බුක් ගූගල් ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජජාල සහ පරිගණක මෙහෙයුම් පද්ධති යුරෝපා සංගමය විසින් හඳුන්වා දී ඇති නවතම GDPR දත්ත ආරක්ෂණ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැගෙයි.
මැක්ස් ෂර්මර් ප්‍රමුඛ ක්‍රියාධරයන් පවසන්නේ මෙම ආයතන විසින් එහි පරිශීලකයන්ට සිය දත්ත නිරාවණයට බලපෑමක් මෙන්ම අනුබලයක් ලබාදෙන බවයි.
ද ජෙනරල් ඩේටා ප්‍රොටෙක්ෂන් රෙගියුලේෂන් හෙවත් මහජන දත්ත ආරක්ෂණ නියාමනය, GDPR යන නව නීතිය යුරෝපා සංගමය හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය කාලය පුරාවට පරිගණක පරිශීලකයන්ගේ දත්ත තෙවැනි පාර්ශ්ව විසින් සෝරාගන්නා බවට ලද අනාවරණයන් සමගිනි.
මෙම නීති පද්ධතිය තුළින් කිසිවෙකුගේ පෞද්ගලික දත්ත එකතු කිරීම හා භාවිත කිරීම පිළිබඳ නියාමනයක් සිදුවන අතර, එය යුරෝපා සංගමයෙන් පිටත සිට මෙහෙයවන සමාගම්වලටද අදාළ වෙයි.
නමුත්, ඉහත කී ආයතන විසින් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවත්, ඔවුන් මෙම නීති පද්ධතියට අනුකූල වීම හෝ ඉන් ඉවත්වීම යන අවස්ථාවේ සිට කටයුතු කරන බවට චෝදනා නැගෙයි.
පසුගිය කාලය පුරා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට සිය පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශ්ව වෙත ගලායෑමට ඉඩ සැලසීමේ චෝදනා දරුණු ලෙස එල්ල වූ අතර, මෙවැනි නීති බලාත්මක කිරීමට එවැනි කරුණු ප්‍රබලව බලපෑවේය.