සමාජජාලවල අවභාවිත වූ ෂෙල් දැන්වීම ඉවත්කරලා


මැලේසියාව තුළ ෂෙල් සමාගමට අයත් සියලු ඉන්ධන පිරවුම් හල් අසල තිබූ සමාගමේ සේවිකාවක රැගත් දැන්වීම් පුවරුව එරට සමාජජාල තුළ අවභාවිතයකට ලක්වීමත් සමග එකී සියලු දැන්වීම් පුවරු ඉවත් කිරීමට ෂෙල් සමාගම කටයුතු කර තිබේ.

ෂෙල් සමාගමේ සේවිකාවගේ රුව රැගත් සාමාන්‍ය මිනිස් ශරීරයක ප්‍රමාණයෙන් යුතු එම දැන්වීම් පුවරුව යොදා ගනිමින් පුරුෂ පක්ෂයේ ඇතැම් පිරිස් එය සිප වැළඳ ගන්නා දසුන්, එහි ඇයගේ අත, පපු ප්‍රදේශය අල්ලාගෙන සිටින දසුන් සමාජජාල තුළට එකතු කර ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත්, බහුතර මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වන මැලේසියාවේ සංස්කෘතියට එය අගතියක් බවට චෝදනා එල්ල වීමත් සමගම, මැලේසියානු සංස්කෘතියට හා ඔවුන්ගේ වටිනාකම්වලට හානියක් ගෙනදී ඇති බැවින් තම සමාගම වහාම එකී දැන්වීම් පුවරු ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ෂෙල් සමාගම පවසා තිබුණි.



Recommended Articles