සම්බාධක දැම්මොත් ගුවන් කලාපය වහනවා - රුසියාව අනතුරු අඟවයි


යුක්රේන අර්බුදය මූලික කරගනිමින් යුරෝපා සංගමය අලුතින් සම්බාධක පැනවීමට කටයුතු කළහොත්, තම ගුවන් කලාපය භාවිත කරමින් සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් වලක්වන බවට රුසියාව අනතුරු අඟවයි.

රුසියාව වෙත නව සම්බාධක පැනවීමක් සම්බන්ධව යුරෝපා සංගමය දැනුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ පවතින තත්ත්වය අනුව එම සම්බාධක පැනවීම ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය කියයි.

පසුගිය කාල සීමාවේදී රුසියානු හිතවාදී කැරලිකරුවන් විශාල ජයග්‍රහණ අත්පත් කරගත්තත්, මේ වනවිට ආරම්භ වී ඇති සටන්විරාමය සමග බොහෝ ගැටුම් අවම වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කැරලිකරුවන් වෙත ආධාර කරමින් හමුදා යැවීමක් සම්බන්ධයෙන් බටහිර හා යුක්රේනය කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව රුසියාව අවධාරණය කරයි.



Recommended Articles