සමලිංගික සේවනය නිසා විපක්ෂ නායක හිරේ යයි


සමලිංගික සේවනයේ යෙදුණු බවට චෝදනා එල්ල වෙමින් මැලේසියා විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම්ට වසර 5ක සිරදඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එරට විපක්ෂ නායකවරයා සමලිංගික සම්බන්ධතා පැවැත් වූ බවට මීට වසර දෙකකට පෙරත් චෝදනා එල්ල වූ අතර, එවර අන්වර් ඊබ්‍රාහීම් නිවැරදි කරු ලෙස උසාවිය තීන්දු කළේය.

කෙසේ වෙතත් නැවත කරළියට පැමිණි එම නඩුව අනුව පුන්මෛථුන්‍ය චෝදනාවලට විපක්ෂ නායක ඊබ්‍රාහීම් වැරදිකරු වන බව උසාවිය තීන්දු කර තිබේ.

කෙසේ වෙතත් මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මැලේසියාවේ විපක්ෂ නායකවරයා කියා සිටින්නේ, දේශපාලන අරමුණු තකා මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස මෙම චෝදනා ගොනු කර ඇති බවය.

බහුතර මුස්ලිම් ජනවර්ගයා ජීව්තවන මැලේසියාවේ සමලිංගික සේවනයේ යෙදීම නීති විරෝධීය. නමුත්, මීට පෙර මේ සම්බන්ධයෙන් චෝදනා ලබමින් උසාවි දඬුවම් ලබා ඇත්තේ සුළු පිරිසක් බවද කියැවෙයි.



Recommended Articles