නැගෙනහිර යුක්රේනය පසුගිය සැප්තැම්බර් 05 වැනිදා ප්‍රකාශයට පත්කළ සටන් විරාමය තුළත් සාමාන්‍යයක් ලෙස මේ දක්වා දිනකට පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසයි.
සටන් විරාමය ඇරඹී සති අටක් යන විට පුද්ගලයන් 957 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, දෙපාර්ශ්වයෙන්ම සටන් විරාමය උල්ලංඝනය කරමින් සිදුකරන ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ වාර්තා වන බවද පෙන්වා දෙයි.
කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් යන ප්‍රදේශවල නීතියේ බිඳ වැටීම් අතිශය දරුණු මට්ටමක පැවති බව කියවුණි.
එමෙන්ම, යුක්රේන රජයේ පාර්ශ්වයෙන්ද නීතියේ බිඳ වැටීම් පිළිබඳවද බොහෝ සිදුවීම් වාර්තා වූ බව එක්සත් ජාතීන් පවසයි.