ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් පසුගිය සිකුරාදා සිදුවිය.
ෆේස්බුක් නිර්මාතෘවරයාගේ ඉන්දීය සංචාරයේදී හෙතෙම අගමැතිවරයා හමුවූ අතර, මෙහිදී, දැනට අන්තර්ජාල පහසුකම් නොමැති ඉන්දීය වැසියන් වෙත අන්තර්ජාල පහසුකම් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ සාකච්ඡාවක් පිළිබඳ ඉඟි පළ විය.
කෙසේ වෙතත්, මෙම හමුවේ වැඩිදුර තොරතුරු අතිශය රහසිගත ආකාරයෙන් පැවති අතර, මෝදි පැවසුවේ සකර්බර්ග් සමග ඉතා හොඳ සාකච්ඡාවක් පැවති බව හා ඔවුන් වඩාත් පුළුල් මාතෘකා යටතේ කතා කළ බව පමණි.
නමුත්, ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් වැඩි කැමැත්තක් දක්වන මෝදි මෙන්ම සකර්බර්ක්ගේ මෙම හමුව බහුතර ඉන්දීය ජනතාවට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ එකක් විය හැකි බවට වැඩි දෙනෙකු විශ්වාසය පළ කරති.