සංස්කෘතික උරුමයන් විනාශය යුද අපරාධයක්ලු


සංස්කෘතික උරුමයන් විනාශ කිරීම යුද අපරාධයක් සේ සලකා හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් විභාග වූ පළමු වැනි අවස්ථාව පසුගියදා වාර්තා විය.

මාලි රාජ්‍යයේ ටිම්බක්ටු නගරයේ සංස්කෘතික උරුමයන් විනාශ කළ බවට මෙසේ හේග් අධිකරණය විසින් චෝදනා ගොනුකර තිබුණේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ අන්සා ඩීන් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සාමාජිකයෙකු වෙතය.

2012 වසරේදී මාලි රාජ්‍යයේදී මේ විනාශය සිදුකර සිදුකර තිබුනේ එම ත්‍රස්ත සංවිධානය උතුරුදිග මාලි රාජ්‍යයේ බලය අල්ලා ගැනීමෙන් පසුවය.

එහිදී, පෞරාණික ස්ථාන 9ක් සහ පල්ලියක් විනාශ කිරීමට මෙම ඉස්ලාමීය සංවිධානයේ අහ්මඩ් අල් ෆකී අල් මාඩි වෙත චෝදනා ගොනු කරමින් හේග් අධිකරණයේදී නඩුව විභාගයට ගෙන තිබුණි.

මෙහිදී, තමාට එරෙහිව ඇති චෝදනාවලට වැරදිකරු බව අධිකරණය හමුවේ පිළිගත් මෙම ඉස්ලාම් ත්‍රස්තවාදියා පූජනීය ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් පසුතැවිලි වන බවද අධිකරණයට කියා තිබුණි.

ස්මාරක හා ප්‍රතිමා වන්දනාව ඉස්ලාම් දහමට අනුව පටහැනි බව පවසමින් අන්තවාදී කණ්ඩායම් විසින් අන්‍ය ආගමික ස්ථාන විනාශ කිරීම මේ වනවිට බොහෝ රාජ්‍යයන් තුළ සිදුවන අතර, එය ලෝක ආගමික සහජීවනයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.



Recommended Articles