සංක්‍රමණ තහනම් නියෝගය ට්‍රම්ප් විසින් යළි ගෙනෙනවාලු


සංක්‍රමණ තහනම සඳහා වූ විධායක නියෝගය යළිත් වරක් ලබන සතියේදී බලාපොරොත්තු විය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟිකර තිබේ.

ඇමෙරිකානු ජනපතිවරයා මෙසේ අදහස් දැක්වූයේ පැයකට අධික කාලයක් පුරා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී, මාධ්‍ය වෙත විශේෂ දෝෂාරෝපණයක් එල්ල කළ ඇමෙරිකානු ජනපතිවරයා පවසා සිටියේ, ඇතැම් මාධ්‍ය තමන්ගේ ගෞරවාන්විත හා විශ්වසනීයත්වය කෙලෙසන මට්ටමටම වාර්තාකරණයේ යෙදෙමින් සිටින බවයි.

එමෙන්ම, මැතිවරණයට පෙර සිටම තමා ජනතාව වෙත ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටුකරමින් සිටින බවද පවසා සිටි ජනපතිවරයා, අධිකරණය විසින් වළක්වන ලද සංක්‍රමණ තහනම පිළිබඳ විධායක නියෝගය යළි ලබන සතියේදී පැමිණෙනු ඇති බවටද ඉඟියක් ලබාදෙනු ලැබීය.

විශේෂයෙන්ම මාධ්‍ය භාවිතයේ ඒකපාර්ශ්වීයව එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් රට තුළ මෙන්ම ලෝකය තුළද දැඩි ව්‍යවුලක් ඇති කර තිබෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය.



Recommended Articles