සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් තවත් යාත්‍රාවක් සමග ගැටීමෙන් සරණාගතයන් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවත්, මෙම අනතුර පසුගිය සතියේදී සිදුව ඇති බවත් වාර්තා වෙයි.
සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙන්නේ මෙම අනතුරෙන් දිවි බේරාගත් දෙදෙනෙකු සමග සාකච්ඡා කිරීමේදී එම යාත්‍රාවේ කාන්තාවන් හා දරුවන් රැසක් සිටි බව ඔවුන් අනාවරණය වූ බවයි.
මෝල්ටාව ආශ්‍රිතව මෙම අනතුර සිදුව ඇති අතර, ලිබියාව ආසන්නයේදී තවත් 250 දෙනෙකු රැගත් යාත්‍රාවක් අනතුරට පත්ව තිබේ. එම සිදුවීමෙන්ද පුද්ගලයන් 200ක් පමණ දියේ ගිලී ඇති බව වාර්තා වෙයි.
මෙම වසරේදී මේ වනවිට අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රා අනතුරු හේතුවෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති අතර, ඔවුන් උතුරු අප්‍රිකානු හා මැදපෙරදිග කලාපයෙන් යුරෝපයට පැමිණීමට උත්සාහ කළ පිරිස්ය.