සංක්‍රමණික මළ සිරුරු සමග ලොරියක්


හංගේරියාව ආසන්න නැගෙනහිර දේශසීමාවේ අතහැර දමා තිබූ ලොරියක සංක්‍රමණිකයන් 20කට වැඩි පිරිසකගේ මළ සිරුරු හමු වූ බව ඔස්ට්‍රියානු බලධාරීන් පවසයි.

පොලීසිය පවසන ආකාරයට මියගිය පිරිස 50 ඉක්මවිය හැකි බවද කියැවෙයි.

ඔස්ට්‍රියාවේ වියානා නුවර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වූ විශේෂ සමුළුවක් පැවැත්වීමට සූදානමින් පවතින මෙහොතක මෙම හමුවීම සිදුව තිබේ.

පසුගිය කාලය තුළ මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ දස දහස් ගණන් සංක්‍රමණිකයන් යුරෝපයට ඇතුළු විමේ බලවත් අරගලයක නිරතව සිටියි.

එහිදී, ඇතමුන් මුහුදු මාර්ග තෝරාගන්නා විට තවත් අය ගොඩබිම් මාර්ගද මේ සඳහා යොදා ගන්නේ තම ජීවිත පරදුවට තබමිනි.



Recommended Articles