සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 17ක් මරුට


තුර්කියේ සිට ග්‍රීසිය වෙත මුහුදු මගින් පැමිණීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් පිරිසක් ඔවුන් පැමිණි බෝට්ටුව පෙරළීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී, බෝට්ටුවේ ජීවිතාරක්ෂක කබා නොමැති 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම කබා හැඳ සිටි 20 දෙනෙකුගේ දිවි බේරී තිබේ.

මියගිය පිරිස සිරියානුවන් බව විශ්වාස කෙරෙයි. ඒ අතර, කාන්තාවන් පස් දෙනෙකු හා දරුවන් පස් දෙනෙකුද සිටින බව පැවසෙයි.



Recommended Articles