සංක්‍රමණික අර්බුදයට යුරෝපා සංගමයෙන් විසඳුමක්


උදම් රළක් සේ යුරෝපය වෙත ඇදී එන සංක්‍රමණික ගැටලුවට පිළියමක් ලෙස සංක්‍රමණිකයන් 120,000ක් යුරෝපය පුරා බෙදාගැනීමේ ගිවිසුමකට බහුතර ඡන්දයෙන් එකඟත්වය ලැබී තිබේ.

යුරෝපා සංගමයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් විසින් මෙම ගිවිසුමට පැමිණ ඇති අතර, ඒ අනුව, සංක්‍රමණිකයන් ඉතාලිය, ග්‍රීසිය හා හංගේරියාව යන රටවලින් යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට පිටත්කර හරිනු ඇත.

කෙසේ වෙතත්, රුමේනියාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව මෙන්ම හංගේරියාව මෙම ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත.

නමුත්, එම සංගමයේ සාමාජිකයන්ගෙන් බහුතරය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා මෙය එළැඹෙන වසර දෙකක කාලය සඳහා බලාත්මකව පවතින බව කියයි.



Recommended Articles