ඉරාකය තුළ පසුගිය මාස කිහිපය තුළ ෂියා සටන්කාමීන්ද සුන්නි සාමාන්‍ය වැසියන් පැහැරගැනීම් සහ ඝාතනය කිරීම් පිළිබඳ වාර්තා වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
ISIS ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් පලි ගැනීමක් ලෙස මෙසේ ෂියා සටන්කාමීන් සුන්නි සාමාන්‍ය වැසියන් පැහැරගැනීම් සහ ඝාතනය කිරීම් සිදුවන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මෙම සටන්කාමීන්ට ඉරාක රජයේ ආධාර හා සහයෝගය ලැබෙන බවද ඔවුන් පවසයි.
ඉරාක අගමැති හයිදර් අල් අබාදි පසුගිය මාසයේදී එරට පාලනයට පැමිණි පසු එරට සියලු සටන්කාමී සංවිධාන පාලනය කරන බව පැවසුවත්, මේ වනවිට සුන්නි මෙන්ම ෂියා සංවිධානද ප්‍රබලව ක්‍රියාත්මක වන බව ඇම්නෙස්ටි පවසයි.