ගිනිකොණදිග පාකිස්තානයේ ෂියා වන්දනාකරුවන් වෙත එල්ල කළ වෙඩි තැබීමකින් හා බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ඉරානයේ සිට පැමිණෙන වන්දනාකරුවන් නවාතැන් ගන්නා බලුකිස්තාන් ප්‍රාන්තයේ, ටෆ්ටාන් හි හෝටල් සංකීර්ණයක් තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇති බව බලධාරීහු පවසති.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බවද කියැවෙයි.
පසුගිය වසරවල සුන්නි මුස්ලිම්වරුන් විසින් ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර සිදුකරන ප්‍රහාර පාකිස්තානය තුළ දැකිය හැකි විය.
පසුගිය ජනවාරි මාසයේදීද බලුකිස්තානයේ ෂියා වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථයක බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.