රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරි වෙළෙඳ සැලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් තහවුරු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි ආරක්ෂක මණ්ඩල කැඳවීමක්ද සිදුකර තිබේ.
මූලික පරීක්ෂණවලට අනුව පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200ක ප්‍රමාණයක්ද මෙම පිපිරීම සිදුවූ පෙරේක්රෙස්ටොක් සුපිරි වෙළෙඳ සැල් භූමියේ තිබී සොයාගෙන ඇත.