ශ්‍රීදේවි ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදුවෙයි


බොලිවුඩ් නිළි ශ්‍රීදේවී කපූර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මුම්බායි විලේ පාර්ලේ හි සේවා සමාජ් ආදාහනාගාරයේදී සිදුකෙරෙයි.

ඇයගේ දේහය ලෝඛාන්ද්වාල් හි සෙලිබ්‍රේෂන් මුම්බායි ක්‍රීඩා සංගම් ගොඩනැගිල්ලේ සිට විශේෂ රථයකින් ආදාහනාගාරය වෙත රැගෙන ඒම සවස 2.00 පසුවී විනාඩි කිහිපයකින් ආරම්භ විය.

එහිදී, විශේෂ ශ්වමංජුසාවක තැන්පත් කළ දේහය සමග ස්වාමියා බොනී ඇතුළු පවුලේ ඥාතීන් කීහිප දෙනෙකුද එම රථයේම නැගී ආදාහන පෙරහරේ ගමන් කරන ආකාරය දැකිය හැකි විය.

කිලෝමීටර් 7ක පමණ දුරක් ඇදුණු ආදාහන පෙරහරට විශාල ජන ගඟක් එක්ව සිටි අතර, ආදාහනාගාරය වෙත පැමිණෙන ජනතාව පාලනය කිරීම සඳහා පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව කියැවෙයි.

මේ අතර ඇගේ රසික රසිකාවියන් තවත් විශාල පිරිසක් ආදාහන පෙරහර ගමන් කළ මගදෙපස රැඳී සිටිමින් ඇයට අවසන් ගෞරවය පුදකර තිබුණි.

මේ අතර, ශ්‍රීදේවි වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය සිනමා තාරකාවන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් පැමිණෙන ආකාරයද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

54 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා ඩුබායි හිදී ජීවිතක්ෂයට පත්වූ අතර, ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් වූයේ ඇය රැඳී සිටි හෝටලයේ නාන කාමරය තුළ සිහිසුන්ව ටබ් එකට වැටී අහඹු ලෙස දියේ ගිලීමකින් සිදුවූ මරණයක් බවය.

50403

3 13 14 15



Recommended Articles