'ශක්තිමක් ශරීරයකට වයස ප්‍රශ්නයක් නෙමෙයි.' මෙහෙම කියන්නෙ, බ්‍රිතාන්‍යයේ වයස්ගතම ආයෝමය පුරුෂයා බවතට පත්වූ කාන්තාව කිව්වොත් ඔබ පුදුම වෙයි. වයස අවුරුදු 71ක් වන ඇය නමින් එඩී බ්‍රොක්ලෙස්බි. පාපැදිය වේගයෙන් පදවාගෙන යන්නත්, වේගයෙන් දිව යන්නත්, ජලය දෙබෑකරමින් පිහිනා යෑමටත් ඇයට තවමත් හොඳ ශක්තියක් තියෙනවා.
ලන්ඩනයේ, වොක්ස්හෝල්වල පදිංචි වෙලා ඉන්න මේ ආච්චි අම්මා, ලන්ඩනයේ පැවති ආයෝමය පුරුෂයා තරග කිහිපයකටම සහභාගි වෙලා තියෙනවා. ඇය මේ වනවිට ලබන වසරේ පැවැත්වීමට නියමිත අයෝමය පුරුෂයා තරගයටත් සහභාගි වෙන්න තමයි සූදානම.
එඩී මේ විදියට ධාවනයට යොමුවෙලා තියෙන්නෙ වයස අවුරුදු 50 ලැබුවට පස්සෙලු. එතැන් සිට, ඇගේ වයසින් අඩකටත් වඩා අඩු කාන්තාවන් මුහුණ දෙන ශාරීරික දුබලතාවන් අභිභවා යන්න ඇය සමත් වෙලා. ඇය කියන්නෙ, ධාවනය අද ඇගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවයි. එය තමන්ගේ ශරීරයේ වගේම, මනසේ නිරෝගී බවට හේතුව කියලත් ඇය කියනවා. 'ක්‍රීඩාවට යොමු වෙන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි' කියන එඩී, ශරීරය ශක්තිමක් කරගැනීම නිවසේ සිටම කරගැනීමට පුළුවන් බවත්, ඔබට ජීවිතයේ අලුත් වෙනසක් ලබාගැනීමට එමගින් හැකියාව ලැබෙන බවත් බොහොම සතුටින් කියනවා.