වොෂිංටනයේ දුම්රියක් පීලි පැනීමෙන් ජීවිත හානි 3ක්


ඇමෙරිකාවේ, වොෂිංටන් නුවර මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සඳුදා උදෑසන කාර්ය බහුල වේලාවකදී මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 100ක් පමණ මගීන් රෝහල්ගත කළ බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, රෝහල්ගත කළ අය අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිරිසක්ද සිටින බවද සඳහන් වෙයි.

මෙම දුම්රියේ මැදිරි කිහිපයක්ම පීලිලෙන් පිටතට පැණ තිබුණු බවත්, මේ වනවිට සියලු සෝදිසි කිරීම් සිදුකර ඇති බවත් බලධාරීහු පවසති.

මේ අතර, දුම්රිය පීලි පැනීමත් සමග ඊට පහළින් වූ මාර්ගයේ ගමන් කළ මෝටර් වාහන හතකටද අලාභානි සිදුව ඇති අතර, එහිදී මාර්ගයේ ගමන් කළ අයට මින් අනතුරක් සිදුවීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

1_Train 2



Recommended Articles