වොක්ස්වැගන් සමාගමේ මෝටර් රථවල ඩීසල් විමෝචනය සම්බන්ධ ගැටලුව මූලික කරගනිමින් එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ටින් වින්ටර්කෝර්න් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම ඩීසල් එන්ජින් සම්බන්ධයෙන් ඇමෙරිකානු පාරිසරික ආරක්ෂක ඒජන්සියේ නිරික්ෂකයන් සිදුකළ පරීක්ෂාවකදී සමාගම සඳහන් කරන ආකාරයෙන් එහි විමෝචන කටයුතු නිවැරදිව සිදු නොවන බවත් එය වංචාකාරී ලෙස පවත්වාගෙන ගිය අදහසක් බවත් අනාවරණය වීමෙන් පසු ලොව පුරා මෙය විශාල ආන්දෝලනයක් ඇති කළේය.
ඒ අනුව, මෙම දෝෂය සම්බන්ධයෙන් වගකීම භාරගනිමින් වින්ටර්කෝර්න් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.