ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස විරුධාවලිය ලැබූ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් ලී ගේ සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරන 'අන්ඉන්දියන්' (UnIndian) චිත්‍රපටය එළැඹෙන අගෝස්තු 19 වැනිදා එළිදැකීමට නියමිතය.
සිඩ්නි නුවර කේන්ද්‍ර කරගෙන රූගත කර ඇති 'අන්ඉන්දියන්' චිත්‍රපටය රතු කාපට් මතින් දිගහැරෙන ප්‍රධාන එළිදැකීමෙන් අනතුරුව, ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන උප-මහද්වීපීය රටවල සිනමාහල් 300කදී පමණ තිරගත වීමට නියමිතය.
ස්වාමියා අහිමි බිරිඳකගේ චරිතය නිරූපණය කරන බොලිවුඩ් නිළි ටානිෂ්තා චත්‍රජිට පෙම් බඳින ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ චරිතයක් බ්‍රෙට් ලී විසින් මෙම චිත්‍රපටයේදී පණ පොවනු ලබයි.
ඇ.ඩො.මිලියන 3.4ක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කරන බ්‍රෙට් ලී පවසන්නේ, 'අන්ඉන්දියන්' චිත්‍රපටයේදී කැමරාව ඉදිරියේ අතිශය ස්වභාවික රංගනයක නිතර වූ බව තමා විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ එන දසුන් කිහිපයක් ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට හසුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.