වෙනිසියුලා රජයට එරෙහිව සීයලා හා ආච්චිලා වීදි බසති


වෙනිසියුලාවේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තියට හා ජනපති නිකොලාස් මදූරෝට එරෙහිව එරට කාර්කාස් අගනුවර දසදහස් ගණන් වයෝවෘද්ධ ජනතාව වීදි බැස තිබේ.

කෙසේ වෙතත්, මෙහිදී පොලීසිය ප්‍රධාන මාර්ග හරස් කරමින් ගම්මිරිස් ප්‍රහාර මෙම වයෝවෘද්ධයන් වෙත එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී, පොලීසිය වෙත මුෂ්ටි ප්‍රහාර එල්ල කළ ඇතැම් පිරිස් වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකිය යුතු බව ඔවුන්ට අවධාරණය කර තිබේ.

වෙන්සියුලාව මේ වනවිට දැඩි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකසිටින අතර, ඖෂධ ඇතුළු රෝහල් සේවාද අඩාල වී තිබේ.

විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම වයෝවෘද්ධ ජනතාවට දැඩිව දැනී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

 



Recommended Articles