වෙනිසියුලාවේ වැලෙන්සියා නගරයේ පොලිස් ස්ථානයක ඇති වූ ගින්නකින් එහි සිර මැදිරියකට රඳවා සිටි රැඳවූවන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ගිනිනෙන් දුම ආග්‍රාණය කිරීම නිසා තවත් රැඳවූවන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
කරාබෝබෝ ප්‍රාන්තයේ පිහිටි වැලෙන්සියා නගරයේ සිදුවූ මෙම ඛේදවාචකය සිරකරුවන් විසින්ම ඉන් පළායාම සඳහා තමන්ගේ ඇඳ මෙට්ටවලට ගිනි තැබීමෙන් ඇති වූවක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ අවස්ථාවේදී පොලිස් සථානය වට කරමින් රැඳී සිටි ඔවුන්ගේ ඥාතීන් පොලීසිය කඩා බිඳිමින් ඊට ඇතුළු වීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් පවා එල්ල කිරීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, වෙන්සියුලාවේ ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව මියගිය පිරිස 60 - 78ත් අතර ප්‍රමාණයක් බව කියැවෙයි.