වෙනිසියුලා ජනපතිගේ ඇමෙරිකානු දේපොළ රාජසන්තක කිරීමට සැරසෙයි


වෙනිසියුලානු ජනාධිපතිවරයා සතුව ඇමෙරිකාවේ ඇති ඕනෑම ආකාරයක වත්කමක් රාජසන්තක කිරීමට ඇමෙරිකාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

වෙන්සියුලාව වෙත පණවා ඇති සම්බාධක මධ්‍යයේ වෙනිසියුලානු ජනාධිපතිවරයා විසින් විවාදයට තුඩුදුන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩල මැතිවරණයක් කැඳවීම හේතුවෙන් ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බව කියැවෙයි.

දැනට වෙනිසියුලාව වෙත පනවා ඇති සම්බාධකවලදී ඇමෙරිකානුවන්ට ඔවුන් සමග ව්‍යාපාර සිදුකිරීමද තහනම් වෙයි.

ඉරිදා පැවති මැතිවරණය අතර තුර පැවති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය වෙත පොලිස් පහරදීම්ද සිදුවූ අතර, මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝ පවසන්නේ මෙම මැතිවරණය අධිරාජ්‍යවාදීන්ගේ කුළු ගෙඩියට එරෙහිව තමා වෙත ජනතා බලය පෙන්වන විප්ලවීය මැතිවරණයක් බවයි.



Recommended Articles