විෂවායු කාන්දුවකින් දිල්ලි සිසුවියන් 200ක් රෝහලේ


දිල්ලි අගනුවර බහාලුම් ගබඩාවකින් කාන්දු වූ විෂ වායුවක් හේතුවෙන් පාසල් දැරියන් 200කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බව එරට පොලීසිය පවසයි.

උගුරේ සහ ඇස්වල අපහසුතාවක් දැනෙන බවට ශිෂ්‍යාවන් පවසා ඇති අතර කෘමිනාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ඊට හේතු වී ඇති බව විශ්වාස කෙරෙයි.

අදාළ රසායනික ද්‍රව්‍ය භාරව කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව දිල්ලි පොලීසිය පවසයි.

පාසල පිහිටි ටුග්ලකාබාද් ප්‍රදේශයේ පුද්ගලයන් ඉන් ඉවත් කර ඇති අතර දැරියන්ගේ සෞඛ්‍ය තත්වය දරුණු නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ එය කාන්දු වූයේ කෙසේ දැයි යන්න පිළිබඳ පොලිසිය සහ ජාතික ආපදා කළමනාකරණ බලකාය පරීක්ෂණ පවත්වමින් සිටිති.



Recommended Articles