විවාහයෙන් පිට පුරුෂයෙකු සමග සම්බන්ධතාවක් පැවැත්වූයේ යැයි යන චෝදනාව මත ඉන්දුනීසියානු කාන්තාවකට පසුගියදා ප්‍රසිද්ධියේ වේවැල් පහර 26කින් තැලුම් කෑමට සිදුවිය.
මෙම කාන්තාව සමග ඇය ඇසුරු කළේ යැයි පැවසෙන පුරුෂයාටද දඬුවම් වශයෙන් වේවැල් පහර 26ක් ලබාදෙන ලද්දේ, ෂරියා නීතියට අනුව විවාහයකින් තොරව ඇසුරක් පැවැත්වූ බවට චෝදනා කරමිනි.
ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම් පැමිණවීම සිදුවූ අතර, විශේෂ වේදිකාවක් මතට ගෙන්වූ කාන්තාව, ඒ මත දණ නමාගෙන සිටියදී, සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගත් වදකයා විසින් වේවැල් පහර එල්ල කර තිබුණේ විශාල ජනකායක් බලා සිටියදීය.
ක්‍රමයෙන් වේවැල් පහර වදින විට වේදනාව ඉවසාගත නොහැකි කාන්තාව අතින් මුහුණ වසාගෙන කඳුළු සැලුවද වදකයාගේ වේවැල් පහරේ වේගය බිඳකදු අඩුවී නොතිබුණි.
අනතුරුව වේදිකාව මත ඇද වැටුණු කාන්තාව ඔසවා ගැනීමට පොලිස් කාන්තාවන් දෙදෙනෙකු පැමිනි අතර, ඔවුන්ගේ වාරුවෙන් නැගී සිටිය කාන්තාවගේ සෞඛ්‍ය විමසීමට වෛද්‍යවරියක කැඳවා තිබුණි.
මේ ආකාරයෙන් කාන්තාවට දරුණු වේවැල් පහර එල්ල කිරීමෙන් පසුව චෝදනා ලැබූ පුරුෂයාද එම වේදිකාව මතට ගෙන්වා වේවැල් පහර එල්ල කරන්නට වූයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේද ආරක්ෂාව ඇතිවය.
ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍ය වුවත්, එරට ෂරියා නීතිය ක්‍රියාත්මක වන එකම පළාත වන්නේ අචේ ප්‍රාන්තයයි.
මෙම ෂරියා නීතිය යටතේ විවාහයකින් තොරව ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සමීප ඇසුරක් පැවැත්වීමට නොහැකි අතර, එසේ වුවහොත් එය ප්‍රසිද්ධියේ දඬුවම් ලැබීමට සිදුවන වරදකි.