විවාදාත්මක ජපාන දූපත් අසලින් චීන යුද නැවක් ගිහිං


විවාදයට තුඩුදී ඇති නැගෙනහිර චීන මුහුදේ වූ දූපත් ප්‍රදේශයෙන් චීනයට අයත් යුද නෞකාවක් යාත්‍රා කිරීමත් සමග ජපානය එරට සිටින චීන තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කර තිබේ.

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල විදේශීය සබ්මැරීනයක්ද මෙම දූපත ආශ්‍රිත ප්‍රදේශයේදී සලකුණු වී තිබුණත්, එය කවර රටකට අයත් වූවක්ද යන්න පැහැදිලි නොවූ බව ජපාන බලධාරීහු පවසති.

මිනිස් වාසයක් නොමැති සෙන්කකු දූපත් ජපාන පාලනයේ පැවතියත්, ඊට අයිතිවාසිකම් කියන චීනය ඩියෝයූ යන නමින් එම දූපත් හඳුන්වයි.

මෙම කුඩා දූපත් සමූහය ජපානය හා චීනය අතර පවතින අතිශය වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන නිසා ඊට මෙතරම් වටිනාකමක් හිමිව තිබේ.

1_Chinese Islands 2



Recommended Articles