විලියම් - කෙට් දූ කුමරියගේ භෞතීස්මය සූදානම්


විලියම් හා කේට් රාජකීයයන්ට දාව උපන් චාර්ලට් කුමරියගේ භෞතීස්ම මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම උත්සවය සඳහා දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් නෝර්ෆෝල්ක් වෙත පැමිණෙනු ඇති බව කියැවෙයි.

කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය හා ආදිපාදවරයා වන විලියම් හා කේට් මෙම භෞතීස්ම මංගල්‍යයේදී තම දරු දෙදෙනාද සමග පවුලේ හතර දෙනා කැටිව ප්‍රථම වරට එකට මාධ්‍යයේ පෙනී සිටින අවස්ථාවද මෙයයි.

මීට සම්බන්ධ වන අනෙකුත් රාජකීයයන් අතර වේල්සයේ කුමරු හා කැතරීන්ගේ දෙමවුපියන්ද සිටින බව බ්‍රිතාන්‍ය රජමාලිගය පවසයි.



Recommended Articles